About Us

Gutentor Simple Text

අපි ගැන

ජාතික අධ්‍යාපන ආයතනය ශ්‍රී ලංකාවේ සාමාන්‍ය අධ්‍යාපනයේ නියමු ආයතනය වන අතර ජාතික අධ්‍යාපන පරිශ්‍රය තුළ මාර්ගෝපදේශ හා උපදේශන අංශය 2006 වසරේ ස්ථාපිත කරන ලදී. සාමාන්‍ය අධ්‍යාපන පද්ධතියේ සිටින අධ්‍යාපන වෘත්තිකයන් ඇතුලු විවිධ පාර්ශ්වයන්ගේ උපදේශන හා වෘත්තීය මාර්ගෝපදේශ, වෘත්තීය ශක්‍යතාවය සංවර්ධනය කිරීම මගින් පාසල් ශිෂ්‍ය ප්‍රජාවට ඉගෙනුමට හිතකර මානසික හා ශිෂ්‍ය මිතුරු පරිසරයක් ඇති කිරීමත්, ශිෂ්‍ය විභව්‍යතා හඳුනාගනිමින් ගෝලිය ශ්‍රම වෙළෙදපොළට උචිත අයුරෙන් පාසල් ප්‍රජාව අනාගත වැඩලොවට ප්‍රවිශ්ට කර රටේ සමාජ ආර්ථිකයට දායක වීමට පසුබිම සකස් කිරිමත් මාර්ගෝපදේශ හා උපදේශන අංශය පිහිටුවීමේ ප්‍රධාන අරමුණු වේ.

පාසල් ශිෂ්‍ය ප්‍රජාවගේ සහ සමාජ අවශ්‍යතා ඉටු කිරීම වෙනුවෙන් පාසල් උපදේශනය සම්බන්ධවන අතර පුද්ගලයන් තේරුම් ගැනීමට, සමාජයට අනුගතවීමට හා එදිනෙදා ජිවිතය සාර්ථකව පවත්වා ගෙන යාම සඳහා විද්‍යාත්මක මඟ පෙන්වීමක් උපදේශන විෂය මගින් ලබා දීම සිදු කරනු ලැබේ. මේ සඳහා අධ්‍යපනඥයන් පුහුණුව සඳහා වන ද්‍රව්‍ය සංවර්ධනය කිරීම හා පාසල් ප්‍රජාව හා සමාජය දැනුවත් කිරිමේ වැඩසටහන්,උපදේශන වෘත්තීය පුහුණු පාඨමාලා, ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුලු පාසල් ප්‍රජාව හා සමාජය සඳහා පවත්වනු ලබන උපදේශන සේවා සැපයීම සඳහා මූලික අවධානය යොමු කොට ඇත. වෙනස්වන ගෝලීය අභියෝග හමුවේ ශ්‍රම වෙළදපොලට ගැළපෙන අයුරෙන් පාසල් ශිෂ්‍ය ප්‍රජාව සවිබල ගැන්වීමේ අරමුණෙන් ගුරු වෘත්තිකයන් සඳහා වෘත්තිය පුහුණු පාඨමාලා, වෘත්තීය මාර්ගෝපදේශ පුහුණු උපකරණ හා මනෝවිද්‍යාත්මක පරික්ෂණ කට්ටල හඳුන්වා දීම, 13 වසරක පාසල් වෘත්තීය අධ්‍යාපන වැඩසටහන, අධ්‍යාපන වෘත්තිකයන් පුහුණු කිරිමේ දිප ව්‍යාප්ත වැඩසටහන් ක්‍රියාත්මක කිරිම සඳහා අවධානය යොමු කොට ඇත.

අපේ පරමාර්ථය (Our Vision)

පාසල් මාගෝපදේශ හා උපදේශනයේ නිරත අධ්‍යාපන වෘත්තිකයන්ගේ උපදේශන හා වෘත්තීය මාර්ගෝපදේශ වෘත්තීය ශක්‍යතාව ඉහළ නැංවීම මගින් පාසල් ශිෂ්‍ය ප්‍රජාවගේ මානසික යහපැවැත්මට සහ ඉගෙනුමට සුදුසු ශිෂ්‍ය වටපිටාවක් ගොඩනැගීමට සහය වීම සහ අනාගත වැඩලොවට අත්‍යවශ්‍ය කුසලතා සංවර්ධනය කිරීම මඟින් රටේ සමාජ ආර්ථිකයට දායකවීම.

අපේ අරමුණු (Our objectives)

මනෝවිද්‍යාත්මක උපදේශනය හා වෘත්තීය මාර්ගෝපදේශයට අවශ්‍ය කුසලතා සම්බන්ධයෙන් අධ්‍යාපන වෘත්තිකයන් පුහුණු කිරීම.

මනෝවිද්‍යාත්මක උපදේශනය හා වෘත්තීය මාර්ගෝපදේශය සම්බන්ධයෙන් උපකාරක සේව්ග පද්ධතියක් සකස් කිරීම.

සමාජය තුළ සෞඛ්‍ය සම්පන්න හා උපකාරක පරිසරයක් සඳහා වන දැනුම හා සංවේදී බව වර්ධනය කිරීම.

Watch the video and answer