Career Guidance

පාසල් වෘත්තීය මාර්ගෝපදේශ ඩික්ලෝමා පාඨමාලාව (SLPF -Level

සිංහල හා දෙමළ මාධ්‍යයෙන් පැවැත්වීමට සැලසුම් කරන ලද එක් අවුරුදු පාඨමාලාවකි. අග 32 කින් සමන්විත 2021 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට යෝජිත පාඨමාලාවකි. දේශිය හා ගෝලීය වැඩලෝකයට ප්‍රවිෂ්ට වීම සඳහා අත්‍යවශ්‍ය කුසලතා අත්පත් කොට දීමේ අරමුණෙන් සාමාන්‍ය අධ්‍යාපන පද්ධතිය තුළ වෘත්තීය මාර්ගෝපදේශයේ නිරත වෘත්තිකයන් පාදක කොට ගෙන හඳුන්වා දීමට නියමිතය. වෘත්තීය මාර්ගෝපදේශය සම්බන්ධයෙන් අන්තර්ජාතික විෂයමාලා පරිශීලනය කරමින් ප්‍රායෝගික ක්‍රියාකාරකම්, මනෝවිද්‍යාත්මක පරික්ෂණ, ක්ෂේත්‍ර චාරිකා හා සිමාවාසික ව්‍යාපෘති ඇතුළුව පාඨමාලාව සකස් කොට ඇත. ජාතික අධ්‍යාපන පරිශ්‍රය තුළ පාඨමාලාව ක්‍රියාත්මක කිරීමට යෝජිතය.